Monday, April 29, 2024
Home » අවු­රුදු කන්න බඩු අඩු නැතිව

අවු­රුදු කන්න බඩු අඩු නැතිව

by damith
March 30, 2024 1:26 am 0 comment

එළ­ඹෙන උත්සව සමය සඳහා කිසිඳු හිඟ­ය­කින් තොරව, අඩු මිල­කට එළ­වළු වැනි දේශීය හා ආන­ය­නික භාණ්ඩ ඇතුළු අනෙ­කුත් අත්‍ය­වශ්‍ය භාණ්ඩ සප­යන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුර­ක්ෂි­තතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පව­සයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වෙළෙඳ අමා­ත්‍යාං­ශයේ දී පැවැති විශේෂ මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

ඉන්දි­යාව හා පාකි­ස්තා­නය ලූනු අප­න­ය­නය නතර කිරී­මත් සමඟ චීනය වැනි රට­ව­ල්ව­ලින් ලූනු ආන­ය­න­යට රජය යොමු වූ බවත්, විකල්ප භාවි­ත­යක් ලෙස රෝස ලූනු නමැති මධ්‍යම ප්‍රමා­ණයේ ලූනු ආන­ය­න­යට රුපි­යල් 80ක්ව පැවැති ආන­ය­නික බද්ද රුපි­යල් 10 දක්වා අඩු කළ බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය. රු. 70ක 75ක පමණ මිල­කට ඉහළ යෑමට තිබූ බිත්තර මිල ‍මෙලෙස අඩු කිරි­මට හැකි­වූයේ ආණ්ඩුවේ මැදි­හ­ත්වී­මෙන් බවද හෙතෙම පැව­සීය.

ආණ්ඩු­වක් පව­තින්නේ වෙළෙ­ඳ­පො­ළට මැදි­හත් වී මිල පාල­නය කිරීම හරහා ජන­තා­වට සහන සලසා දීමට බවත්, ඒ අනුව රජය ඊට මැදි­හත් වූ බවත්, වෙළෙ­ඳ­පොළේ බිත්ත­ර­යක මිල රු. 40 ට වඩා අඩු­වෙන් පව­තින්නේ නම් තව­දු­ර­ටත් බිත්තර ආන­ය­නය කිරීම අවශ්‍ය නොවන බවද හෙතෙම කියා සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT