Home » යුක්තිය මෙහෙයුමට ජපානයෙන් පැසසුම්

යුක්තිය මෙහෙයුමට ජපානයෙන් පැසසුම්

by chanaka
April 18, 2024 9:36 am 0 comment

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිමිසුකොෂි හිදෙයිකි මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රීලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම තමන් අගය කරන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත පැවසීය.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම හමුවේදී තානාපතිවරයා සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අදහස් හුවමාරු කර ගැනිණි.

අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මේ වනවිට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳවද ජපාන තානාපතිවරයා දැනුවත් කරනු ලැබීය.

ඉදිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකිමහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බව තවදුරටත් පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT