Home » සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

by chanaka
April 18, 2024 10:34 am 0 comment

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මියගිය කාන්තාවන් දෙදෙක්ගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

ඊයේ (17) රාත්‍රී කාලයේ දී නිවසක පදිංචි සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් එම නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දොරගුළු දමා තිබී ඇත.

පසුව ජනේලයකින් බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී මියගොස් සිටින බවට නිරීක්ෂණය වී ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් හා 79ක් වූ කාන්තාවන් දෙදෙනෙකු බවට ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් තොරතුරු මත අනාවරණය වී තිබේ.

මෘත ශරීර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද (18) සිදුකිරීමට නියමිතය.

මෙම සිද්ධිය පිළිබඳව කළුතර දකුණු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT