Home » අනුරපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිත්වය එස්.එම්. චන්ද්‍රසේනට

අනුරපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිත්වය එස්.එම්. චන්ද්‍රසේනට

by sachintha
April 18, 2024 1:59 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රි එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පසුව පුරප්පාඩු වූ එම තනතුරට හිටපු ඇමැති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (17) පත් කෙරිණ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලයේ දී එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සම සභාපති ධුරයේ වැඩ භාරගත්තේය. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, පළාත් ප්‍රධාන ලේකම්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරිණ. මෙහිදී පැවැති උත්සව සභාව හමුවේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කියා සිටියේ හිටපු සම සභාපති කේ.එච්. නන්දසේන මන්ත්‍රීවරයා ප්‍රමුඛව රාජකාරි කටයුතු කළා සේම චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සමඟ ද සහයෝගයෙන් කටයුතු කරමින් දිස්ත්‍රික් සංවර්ධනයට අවශ්‍ය සිය සහාය ලබාදෙන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී. මුතුකුමාරණ, ගමගේ විරසේන, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර, ශාමිලා වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – අනුරාධපුර අතිරේක

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT