Home » අනාගතය දකින්න ඉන්දියාවට එන්න – අමෙරිකානු තානාපති කියයි

අනාගතය දකින්න ඉන්දියාවට එන්න – අමෙරිකානු තානාපති කියයි

by sachintha
April 18, 2024 1:59 am 0 comment

අනාගතය දැකීමට කැමැති ඕනෑම අයකු ඉන්දියාවට පැමිණිය යුතු බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙටි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු තානාපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගියදා නවදිල්ලි නුවර පැවැති ගෝලීය සංවර්ධන සැසියකට සහභාගි වෙමින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම සැසියේදී වැඩිදුරටත් අදහස් පළ කර ඇති අමෙරිකානු තානාපතිවරයා ඉන්දියාවේ සංවර්ධන ගමන පැසසුමට ලක් කර ඇති අතර, ඉන්දියාවේ අමෙරිකානු මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ලැබීම වරප්‍රසාදයක් බවත් සඳහන් කර තිබේ.

තමා අවුරුදු 18දී හින්දු බස ඉගෙන ගන්නා විට ‘අලග් දේශ්- අලග් රිවාජ්‘ කියමන ගැන දැනගත් බවත්, එහි අර්ථය වෙනම රාජ්‍යයක්, වෙනම සිරිත් විරිත් බව තේරුම් ගැනීමට හැකි වූ බවත් සඳහන් කර ඇත.

අමෙරිකාවේ වුවද නගරයෙන් නගරයට චාරිත්‍ර හා සිරිත් විරිත් වෙනස් බව සඳහන් කර ඇති අමෙරිකානු තානාපතිවරයා රෝමයේදී රෝමානුවකු මෙන් හැසිරිය යුතුය යන සුප්‍රකට කියමන ද සිහිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT