Home » චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ කැපීපෙනෙන වර්ධනයක්

චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ කැපීපෙනෙන වර්ධනයක්

by chanaka
April 18, 2024 12:05 pm 0 comment

2024 වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් බිලියන 29,629.9 ක් ලෙස වාර්තා වේ. එය පසුගිය වසරට සාපේක්ෂව 5.3% ක වර්ධනයක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය නවතම දත්ත වාර්තා නිකුත් කරමින් පසුගියදා (16) අනාවරණය කළේය.

චීනයේ කෘෂිකාර්මික නිෂ්පාදන යහපත් තත්ත්වයේ පවතින අතර, කාර්මික නිෂ්පාදන අංශය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. රටේ වෙළඳපොළ විකුණුම් ද ස්ථාවර ලෙස වර්ධනය වන බව එම සංඛ්‍යාලේඛනයන් හි සඳහන් ය. ස්ථාවර වත්කම් ආයෝජන ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. භාණ්ඩ ආනයනය හා අපනයනය ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන අතර, රැකියා තත්ත්වය ද ස්ථාවර වී තිබේ. ජනතාවගේ ආදායම ද ක්‍රමයෙන් වර්ධනය වී ඇත.

මේ කාලය තුළ සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයේ ධනාත්මක සාධක තහවුරු වී ඇති අතර, එය වාර්ෂික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මනා පදනමක් සකසා ඇතැයි ද චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වාදෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT