Home » කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීමට ලැබුණු අනුමැතිය

කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීමට ලැබුණු අනුමැතිය

by chanaka
April 19, 2024 10:12 am 0 comment

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීම සඳහා පරිසර ඇගයුම් වාර්තාවේ අනුමැතිය ලැබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළේ ඉඩම් උපයෝගී කර ගනිමින් සත්ව ආහාර සදහා බඩඉරිඟු වගා කිරිමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

නමුත් මේ සඳහා පරිසර ඇගයීම් වාර්තාව ලබා දීමට මෙන්ම දැනට එම ගොවිපළට අයත් කොටසක අලි මංකඩක් පවතින නිසාත්, ඇතැම් ස්ථානවල පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන පවතින නිසාත් බඩඉරිඟු වගා කිරීම සම්බන්ධව ගැටළු කිහිපයක් පැන නැගී තිබිනි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීම සඳහා පරිසර ඇගයුම් වාර්තාවේ අනුමැතිය ලැබේ.

මෙම කරුණු කෙරෙහි අවධානයට ලක් කරමින් කන්දකාඩු ගොවිපොළ වගා ව්‍යාපෘතිය සම්බන්ධව පාරිසරික ඇගයුම් වාර්තාවක් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් විද්වත් මණ්ඩලයක් යොදාගනිමින් සකස් කරන ලද පාරිසරික ඇගයුම් වාර්තාව පසුගියදා (17) එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඒ. සිරිල් මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.

මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ඉඩම්, මහවැලි, අමාත්‍යාංශවල නිලධාරින් මෙන්ම ජාතික පහු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් සහ කන්දකාඩු ගොවිපොළේ බඩඉරිඟු වගාව සඳහා ඉදිරිපත්ව සිටින ගොවි ජනතාවද සහභාගි වූහ.

මෙම වාර්තාව අනුව වන අලි සඳහා සහ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන සදහා වෙන් වූ කොටස් එලෙසම පවත්වාගෙන යාමටත්, එම ප්‍රදේශ වගාව සඳහා යොදා නොගැනීමටත් තීරණය කර ඇත. එමෙන්ම කිසිදු පාරිසරික හානියකින් තොරව බඩඉරිඟු වගාව සිදු කිරීම සඳහාත් මෙම පාරිසරික වාර්තාව මගින් අවශ්‍ය අනුමැතිය ලබා දී තිබේ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම ගොවිපොළේ ඉඩම් උපයෝගී කර ගනිමින් බඩඉරිඟු වගාව වහාම ආරම්භ කරන්නැයි උපදෙස් දුන්නේය.

පැවැති සියලු ගැටළු දැන් අවසානයි. පාරිසරික ඇගයුම් වාර්තාව දී ඇති උපදෙස් අනුව වගා කටයුතු ආරම්භ කරන්න පියවර ගත යුතුයි. මෙම බඩඉරිඟු වගාවේ අස්වැන්න අපි යොදා ගන්නේ සත්ව ආහාර සඳහායි. පසුගිය කාලයේ කිරි , බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යාමට එක් හේතුවක් වුයේ සත්ව ආහාර හිඟකම හා මිල ඉහළ යාමයි. නමුත් අපිට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය අපිම වගා කර ගතහොත් ගැටළුවක් නැහැ. ඒ නිසා ප්‍රමාදයකින් තොරව යල කන්නයේ බඩඉරිඟු වගාව ආරම්භ කරන්නැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඒ. සිරිල් මහතා අමාත්‍යවරයා වෙත Environment impact Assessment Report proposed Agricultural Development project Kandakaduwa වාර්තාව බාර දෙනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT