Home » හෙලිකොප්ටර් අනතුරකින් කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට

හෙලිකොප්ටර් අනතුරකින් කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට

by chanaka
April 19, 2024 4:53 pm 0 comment

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා සහ එරට තවත් ඉහළ පෙළේ නිලධාරීන් නව දෙනෙකු හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී මෙලෙස අනතුරට ලක්වී ඇති බව එරට ජනාධිපති විලියම් රූටෝ පැවසීය.

61 හැවිරිදි ජෙනරාල් ෆ්‍රැන්සිස්, කෙන්යාවේ උසස්ම හමුදා නිලධාරියා වේ.

එම අනතුරෙන් දිවි ගලවා ගැනීමට වාසනාව ලැබී ඇත්තේ දෙදෙනෙක් ට පමණි.

ජනාධිපති විලියම් රූටෝ පැවසුවේ මෙම අවස්ථාව කෙන්යාවට ඉතා ශෝකජනක අවස්ථාවක් බවයි.

අනතුර පිළිබඳ පුවත පළවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT