Home » නිදහස් පක්ෂ අභ්‍යන්තර ගැටලු ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

නිදහස් පක්ෂ අභ්‍යන්තර ගැටලු ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

by chanaka
April 19, 2024 4:52 pm 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුළ පවතින අභ්‍යන්තරික ගැටලු විසඳීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව ඊයේ (18) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් (වැ.බ.) සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.

දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

ඒ අනුව මෙම මස 8වැනිදා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැඳවනු ලැබූ දේශපාලන මණ්ඩල රැස්වීම හා එහිදී සිදුකළ පත්කිරීම් සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසම දැනුම්වත් කොට තිබූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර් ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් ඒ සම්බන්ධයෙන් සිය විරෝධතා මැතිවරණ කොමිසම හමුවේ ගොනු කොට තිබිණි.

ඉහත තීරණයට මැතිවරණ කොමිසම පැමිණ ඇත්තේ මේ සියලු කරුණු සළකා බැලීමෙන් පසුවය.

මැතිවරණ කොමිෂන් සභාවේ තීන්දුව ප්‍රකාරව, පසුගිය 08වැනිදා පැවැත්වූ දේශපාලන මණ්ඩලය නීත්‍යානුකූල නොවන අතර, එදින සිදුකළ සියලු පත් කිරීම්ද බලරහිත වනු ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT