Home » මිල අධික තේ වර්ගයක් වූ Silver tips තේ වගාව දකුණේ ප්‍රචලිත කිරීමට යයි

මිල අධික තේ වර්ගයක් වූ Silver tips තේ වගාව දකුණේ ප්‍රචලිත කිරීමට යයි

by sachintha
April 19, 2024 1:20 am 0 comment

තේ කර්මාන්තයේ දී මිල අධික තේ වර්ගයක් වන Silver tips තේ වගාව දකුණු පළාතේ ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ. දැනට තේ වෙළෙඳ පොළේ මිල අධික තේ විශේෂයක් ලෙස සැලකෙන Silver tips තේ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනෙන 20/43 නමැති තේ ප්‍ර‌භේදය දකුණු පළාතේ පවුල් 300ක ගෘහිණියන් අතර බෙදාදීමට මේ යටතේ සැලසුම් කර ඇත.

මෙහි පළමු අදියර අද (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කටුවන දී ආරම්භ කෙරේ.

මේ වැඩසටහන යටතේ එක් ගෘහිණියකට 20/43 තේ පැළ 300ක් බැගින් ලබාදෙන අතර එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් නොමිලේ සපයයි. මේ Silver tips තේ සඳහා යොදා ගන්නා 20/43 තේ කිලෝග්‍රෑම් එකක් රුපියල් ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලකට අලෙවි කරයි. මේ වැඩපිළිවෙළ අනුව වසරකදී මේ එක් ගෘහිණියකට මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක පමණ ආදායමක් Silver tips තේ වගාව මඟින් උපයා ගැනීමට හැකි වන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT