Home » දමිතාට-සැමියාට එරෙහිව ලක්ෂ 30ක තවත් වංචා පැමිණිල්ලක්

දමිතාට-සැමියාට එරෙහිව ලක්ෂ 30ක තවත් වංචා පැමිණිල්ලක්

by sachintha
April 19, 2024 1:15 am 0 comment

කොරියාවේ රැකියාවක් සඳහා යවන බව සඳහන් කරමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රකට නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී තිබේ. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වත්තල පදිංචිකරුවකු බවත් ඔහුගෙන් ලබාගත් ලක්ෂ 34ක මුදලින් ලක්ෂ 04ක් පසුව එම පුද්ගලයාට ලබාදී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ අනුව සැබෑ ලෙස සිදුව ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 30ක් වන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා කීය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරියේදී කරුණු වාර්තා කර ඒ සම්බන්ධයෙන් ද දමිතා සහ ඇගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT