Home » දෙස්-විදෙස් පාර්සල් ලැබීම් ගැන තැපෑල SMS එවන්නේ නෑ – තැපැල්පති රුවන් සත්කුමාර

දෙස්-විදෙස් පාර්සල් ලැබීම් ගැන තැපෑල SMS එවන්නේ නෑ – තැපැල්පති රුවන් සත්කුමාර

by sachintha
April 19, 2024 1:24 am 0 comment

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු එස්එම්එස් (SMS) පණිවිඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පැවසීය. එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකතන අංක යොදාගනිමින් මහ ජනතාව රවටන වංචාවක් සිදු වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදි නම් යොදාගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව අවභාවිත කරමින් මේ ජාවාරම ක්‍රියාත්මක වන බව කියා සිටි හෙතෙම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මඟින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසි සේත් සිදු නොකරන අතර, ණය කාඩ් පත් මඟින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවද සඳහන් කළේය.

මේ පිළිබඳ තොරතුරු තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 0112542104, 0112334728, 0112335978, 0112687229, 0112330072 යන දුරකතන අංකවලින් විමසා දත හැකි බව තැපැල්පතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT