Home » සංව­ර්ධන නිල­ධා­රි­නිය ළිඳට වැටී මිය­ගි­හින්

සංව­ර්ධන නිල­ධා­රි­නිය ළිඳට වැටී මිය­ගි­හින්

by damith
April 20, 2024 12:30 am 0 comment

යාප­නයේ බණ්ඩ­ත­රිප්පු ප්‍රාදේ­ශීය සභා උප කාර්යා­ලයේ සේවය කළ සංව­ර්ධන නිල­ධා­රි­නි­යක නි‍ෙවසේ ළිඳට ඇද වැටී­මෙන් 18 දා මිය­ගොස් තිබේ.

ඇය සේවය නිම කොට නි‍ෙව­සට පැමිණ ළිඳෙන් දිය නෑමට ගිය අව­ස්ථා­වේදී ක්ලාන්ත වී ළිඳට වැටීම නිසා මේ මර­ණය සිදුව තිබේ.

මෙසේ මිය­ගොස් ඇත්තේ යාප­නයේ මාද­ගල් සහා­ය­පු­රම් ප්‍රදේ­ශයේ පදිංචි ප්‍රදී­පන් නිත්‍යා (37) නමැති සංව­ර්ධන නිල­ධා­රි­නි­යයි.

ළිඳට වැටුණු ඇයව අවට වැසි­යන් විසින් තෙලි­ප්ප­ලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඇය ඒ වන විට මිය­ගොස් සිටි බව වෛද්‍ය­ව­රුන් ප්‍රකාශ කොට තිබේ.

මිය­ගිය අය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය යාප­නය ශික්ෂණ රෝහ­ලේදී පැවැ­ත්වීම සඳහා මෘත ශරී­රය එම රෝහල වෙත යවා තිබේ. කන්ක­ස­න්තුරේ පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT