Home » ජවිපෙ සමන්ත විද්‍යාරත්න වලිකෑවා
උමා ඔය කඩාකප්පල් කරන්න

ජවිපෙ සමන්ත විද්‍යාරත්න වලිකෑවා

ව්‍යාපෘතිය ඉටුවී ජනතාවත් රටත් අද ප්‍රතිලාභ ලබනවා

by mahesh
April 25, 2024 1:00 am 0 comment

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීවරයා විශාල උත්සාහයක නිරත වෙමින් නොයකුත් අවලාද කරමින් ජනතාව කුපිත කරන්නට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී එය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විශාල උත්සාහයක නිරත වූ බවත් සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීවරයා එහි පෙරමුණ ගෙන කටයුතු කළ බවත් හෙතෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ජාතියට තිළිණ කිරීමේ සම්පූර්ණ ගෞරවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බව ද හෙතෙම කීවේය.

“ඉරාන ජනාධිපතිතුමා පැමිණ අද උත්සවාකාරයෙන් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරනවා. එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලයේදී. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන කොට විශාල වශයෙන් විරෝධතා පැමිණියා. ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීතුමා විශාල වශයෙන් මෙය කඩාකප්පල් කරන්න කටයුතු කළා. නොයකුත් අවලාද කෙරුවා. ජනතාව කුපිත කෙරුවා. ඒ අවස්ථාවේදී හැම පැත්තෙන්ම තර්ජන, ගර්ජන කරලා මෙය නවත්වන්න උත්සාහ කළේ. නමුත් මේ ව්‍යාපෘතියෙන් විශාල ප්‍රතිලාභයක් රටට, ජාතියට ලැබෙනවා. අපේ රටේ විදුලියේ අවශ්‍යතාව පිරිමහන්න මෙම ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් රටට ලැබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ව්‍යාපෘති මඟින් ලැබෙන වටිනාකම, අගය රටට ඇති වැදගත්කම තේරුම් අරගෙන ඒ අවලාද, අපහාස සහ නොයකුත් තර්ජන ගර්ජන මැද්දේ කරපු නිසා අද දිනයේ අපේ රටට ජාතියට විදුලිය අවශ්‍යතාව සඳහා මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලැබෙනවා. රටේ ජනතාවට තමයි මේ ප්‍රතිලාභ සියල්ල ලැබෙන්නේ. මේ පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම ඉතාම ස්තූතිවන්ත වෙන්න ඕන යැයි ද හෙතෙම කීවේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT