Home » රේගු දෙපාර්තමේන්තුවේ වෙන්දේසිවලට වෙන්න යන දේ

රේගු දෙපාර්තමේන්තුවේ වෙන්දේසිවලට වෙන්න යන දේ

by chanaka
April 25, 2024 4:17 pm 0 comment

එළඹෙන ජූලි 25 වැනිදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලු වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අද දින ජාතික පුවත්පතක පළව තිබූ ප්‍රවෘත්තියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමිනි.

විවිධ ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී රේගු දෙපාර්තමේන්තුවේ සියලුම වෙන්දේසි ඒ අනුව මාර්ගගත ක්‍රමයට සිදු කිරීමේ වගකීම ඔවුන් භාර ගත් බවත් මේ තුළින් රජයට නිසි ආදායමක් මෙන්ම තරගකාරී මිලකට රත්තරන් ඇතුළු භාණ්ඩ ලබා ගැනීමේ විවෘත අයිතියක් ජනතාවට ලබාදීමට හැකිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT