කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී 2019 වසරේ නොවැම්බර් මස පළමුවැනිදා නීතිඥ විශ්රාමික මේජර් අජිත් ප්රසන්න මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ මහත්වරුන් පහර දීමක් කළ බව කියන සිද්ධියකට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා මියගිය ගිය බව කොල්ලුපිටිය පොලිසිය පෙරේදා (25) කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා හමුවේ දන්වා සිටියේය.
ඒ අනුව ඉදිරි දින ඒ මහතාගේ මරණ සහතිකය ගොනු කරන ලෙස මහේස්ත්රාත්වරයා කොල්ලුපිටිය පොලිසියට නියෝග කළේය. මේ සිද්ධියේ දෙවන සැකකාර පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේ නැති අතර, ඔහු පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිළිණ වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය. ඉදිරි දින ඊට අදාළ ලිපිය ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා නීතිඥවරයාට දන්වා සිටියේය. සිද්ධිය නීතිපති උපදෙස් සඳහා ලබන ජුනි මස 27 වැනිදාට යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (25) නියෝග කළේය. සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
සුභාෂිණී සේනානායක