අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෙනත් වසරවලට වඩා මේ වසරේ සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස්වරයාගෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබුණු බවද, කෙසේ වුවද මැයි මාසයේ දෙවැනි සතියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට පෙර එම නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම්දුන් බවද ඇමැතිවරයා කීය. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේය. උසස් පෙළ දරුවන් බඳවාගැනීම ආරම්භ කර ඇති හෙයින් නැවත සමීක්ෂණ ගැටලුව නිරාකරණය කරගැනීමට මැදිහත් වන්නැයි වලේබොඩ මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් 184,000ක් පමණ ඉදිරිපත් වී ඇති බවද වලේබොඩ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.