Tuesday, May 14, 2024
Home » දුප්පතුන්ට බෙදන්න තිබූ සහල් මිටි 20ක් උස්සලා සැකකරු බඩුත් සමඟ මාට්ටු

දුප්පතුන්ට බෙදන්න තිබූ සහල් මිටි 20ක් උස්සලා සැකකරු බඩුත් සමඟ මාට්ටු

by sachintha
April 29, 2024 1:39 am 0 comment

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනට සමගාමීව, බෙදාදීමට කන්තලේ නිල සෙවණ ග්‍රාම නිලධාරී කාර්යාලයේ ගබඩා කර තිබියදී සොරකම් කරන ලද සහල් මිටි විස්සෙන් 13ක් සමඟ එක් සැකකරුවකු ඊයේ (28) අත්අඩංගුවට ගැනීමට කන්තලේ මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ.

කිලෝ ග්‍රෑම් දහයක් බරැති සහල් බෑග් 20ක් මෙලෙස සොරකම් කර තිබුණේ එම කාර්යාලය අසල පිහිටි නිවෙසක පුද්ගලයෙකි. කන්තලේ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ඒකනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් දයානන්ද, සැරයන්වරුන් වන (61696) චමින්ද, (63393) බානගල, (67595) රත්නායක, (57611) රාජපක්ෂ සහ කොස්තාපල් (31336) ගමගෙදර යන මහත්වරු පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී නිවෙසේ සඟවා තිබූ එක් සහල් බෑගයක් සොයා ගැනීමෙන් අනතුරුව අවට පරීක්ෂා කිරීමේදී, කැලයේ සඟවා තිබූ තවත් සහල් බෑග් දොළහක් මෙලෙස සොයා ගැනීමට පොලිසියට හැකි විය. ඉතිරි සහල් බෑග් වෙළෙඳසල්වලට විකුණා ඇති අතර, වෙළෙඳසල් හිමියා ඒවා පාරිභෝගිකයන්ට අළෙවි කර තිබේ.

කන්තලේ මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටී.එම්. ගුණානන්ද, කන්තලේ සුමිත්‍රා කුමාරිහාමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT