Tuesday, May 14, 2024
Home » කෝවිල ළඟදී ඇල්ලූ රියේ කිලෝ ග්‍රෑම් 4ක් බර රන් කුට්ටියක්

කෝවිල ළඟදී ඇල්ලූ රියේ කිලෝ ග්‍රෑම් 4ක් බර රන් කුට්ටියක්

by sachintha
April 29, 2024 1:44 am 0 comment

කිළිනොච්චිය කන්දසාමී කෝවිල අසලදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් එම මෝටර් රථය තුළ සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 4ක් බර රත්තරන් කුට්ටියක් පෙරේදා (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මේ මෝටර් රථය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී එම රත්තරන් කුට්ටිය හමු වී ඇති අතර, එම රත්තරන් කුට්ටිය නියම රත්තරන්ද රන් ආලේපනය කළ කුට්ටියක්ද යන්න මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැත. එම රත්තරන් කුට්ටිය නියම රත්තරන් නම් එහි වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වන බවට ගණන් බලා තිබේ. කිළිනොච්චියේ සිට වවුනියාවට එම රත්තරන් කුට්ටිය ප්‍රවාහනය කළ මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනකු හා එක් පිරිමියකු සිට ඇති අතර, ඔවුන් නිලධාරීන් වෙත එකිනෙකට පරස්පර වූ තොරතුරු ඉදිරිපත් කොට තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT