Home » මිලින්ද මොරගොඩට සිංගප්පූරුවෙන් ඇගයුමක්

මිලින්ද මොරගොඩට සිංගප්පූරුවෙන් ඇගයුමක්

by sachintha
April 29, 2024 1:04 am 0 comment

සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමඟ පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම අරමුණු කරගෙන හිටපු කැබිනට් අමාත්‍ය, හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එහි ජ්‍යෙෂ්ඨ, ගෞරවනීය සාමාජිකයකු ලෙස නම් කර ඇත.

සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය 2004දී ස්වාධීන පර්යේෂණ ආයතනයක් ලෙස දකුණු ආසියානු අධ්‍යයන ආයතනය ස්ථාපිත කරන ලද අතර, එහි ආරම්භය සමග දකුණු ආසියාවේ දියුණු වන ආර්ථීක හා දේශපාලන වැදගත්කම සහ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර ශක්තිමත් ඓතිහාසික සබඳතා ගවේෂණයෙහි කාලීනභාවය පිළිබිඹු කරයි. සමකාලීන දකුණු ආසියාව පිළිබඳ පර්යේෂණ සඳහා කැප වූ අධ්‍යයන ආයතනය, ආසියානු කලාපය පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීමටත්, සිංගප්පූරුව සහ එයින් ඔබ්බට විසිරි සිටින ප්‍රතිපත්ති සම්පාදකයින්ට, ව්‍යාපාරික ප්‍රජාවට, විද්වතුන්ට සහ සිවිල් සමාජයට කලාපීය කටයුතු පිළිබඳ දැනුම සහ අවබෝධය සන්නිවේදනය කිරීමට උත්සාහ කරයි.

මිලින්ද මොරගොඩ මහතා හාවඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේද සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ දිළිඳු ජනතාව නෛතිකව බලගැන්වීමේ අන්තර්ජාතික කොමිසමේද සාමාජිකත්වය ඉසිලීය. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන අවස්ථාවේ එහි උපදේශකයකු වශයෙන්ද කටයුතු කළේය. 1999 සහ 2005 වසරවල ජිනීවා නුවර පැවති ලෝක ආර්ථීක සංසද සමුළුවාරවලදී අනාගත ලෝක නායකයකු වශයෙන්ද නම් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT