Home » නවසීලන්තයේ වෙලින්ටන්හි සහායක රදගුරු පදවිය ශ්‍රී ලාංකික දේවගැතිවරියකට

නවසීලන්තයේ වෙලින්ටන්හි සහායක රදගුරු පදවිය ශ්‍රී ලාංකික දේවගැතිවරියකට

by sachintha
April 29, 2024 1:09 am 0 comment

නවසීලන්තයේ වෙලින්ටන්හි සහායක රදගුරු වශයෙන් ශ්‍රී ලාංකික තරුණ දේවගැතිවරියක් පත්කර තිබේ.

ශ්‍රී ලාංකික තරුණ දේවගැතිවරයක් වන අනෂුයා ෆ්ලෙචර් මෙලෙස සහායක රදගුරු වශයෙන් පත්වීම් ලැබ තිබෙන අතර වෙලින්ටන්හි රදගුරු ජස්ටින් ඩක්වර්ත් විසින් එම පත්කිරීම සිදුකර තිබේ. වෙලින්ටන්හි ආසන දෙව්මැදුරේදී සහායක රදගුරු පදවිය පිරිනමා තිබෙන බව වාර්තා වෙයි.

පෙරේදා මෙම පත්කිරීම සිදුකර තිබෙන අතර ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේදී පැය තුනකට ආසන්න දිව්‍ය පූජාවක් පවත්වා තිබෙන අතර අනෂුයාගේ ප්‍රකාශයන් සහ පොරොන්දු ලබා ගැනීම සඳහා අගරදගුරු ඩොන් ටැමිහේර්, අගරදගුරු සියොන් උළුඉලකේපා සහ අගරදගුරු පිලිප් රිචඩ්සන් යන අයද පැමිණ තිබේ.

වෙලින්ටන්හි බිෂොප් ජස්ටින් ඩක්වර්ත් සිය සහකාර රදගුරුතුමියව උද්යෝගයෙන් පිළිගෙන ඇත.

නීතිඥවරියක වශයෙන් කටයුතු කර තිබෙන අනෂුයා ෆ්ලෙචර් 1984 වසරේ ශ්‍රී ලංකාවේදී උපත ලබා තිබෙන අතර එවකට ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් හේතුවෙන් 1985 වසරේ දී නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබේ. දමිල ක්‍රිස්තියානි තරුණියක් වන ඇය නවසීලන්තයේදී නීතිය හදාරා තිබෙන අතර නීතිඥවරියක් ලෙස ඉන්දියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි සේවය කර තිබෙන බව වාර්තා වෙයි.

අඩු ආදායම්ලාභීන්ගේ සහ තර්ජනයට ලක්වූ ජන කොට්ඨාසවල අයිතීන් වෙනුවෙන් පෙනී සිට තිබෙන අනෂුයා ෆ්ලෙචර් 2017 වසරේදී දේවගැතිවරියක් වශයෙන් පත්ව තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT