Tuesday, May 14, 2024
Home » නීලගිරි රජමහා විහාරයේ බිතු සිතුවම් සංරක්ෂණය කරන්න

නීලගිරි රජමහා විහාරයේ බිතු සිතුවම් සංරක්ෂණය කරන්න

- විහාරාධිපති හිමි ඉල්ලති

by sachintha
April 29, 2024 1:31 am 0 comment

මාතලේ දිස්ත්‍රික්කයේ කන්දපල්ල කෝරළයට අයත් නීලගිරි රජමහ‍ විහාරස්ථානයේ දක්නට ඇති බිතුසිතුවම් මෙන්ම වියන් චිත්‍ර ද වැඩි ප්‍රමාණයක් මේ දක්වා සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී නොමැති බැවින් මෙම බිතුසිතුවම් මෙන්ම අනෙකුත් චිත්‍ර ද විනාශ වෙමින් පවතියි.

මේ සම්බන්ධයෙන් විහාරාධිපති, පූජ්‍ය මඩහපොළ ගුණරතන හිමි මෙසේ අදහස් දැක්වූහ.

“මෙම විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ පටන් ගැනීම දක්වා දිවයනවා. එදා මෙදා අතරතුර විවිධ අවස්ථාවන්හිදී මෙම විහාරස්ථානය විනාශ වෙලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය නායකයන් හෝ ප්‍රදේශයේ පාලකයන් මෙම ස්ථානය පිළිසකර කර රැකගෙන ඇති බව ජනතා මතයයි. මෙහි දැනට ඇති නටඹුන් අනුව ඉතා වටිනා තොරතුරු රැසක් පසට යට වී ඇතැයි සිතිය හැකියි. නමුත් එහි කිසිවක් මතුකර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මෙතෙක් යොමු වී නෑ. මෙම ස්ථානය වටා ලේඛනගත තොරතුරුවලට වඩා ඇත්තේ ජනප්‍රවාදයි. මෙම ජනප්‍රවාදයන්ගේ ද යම්කිසි සත්‍යයක් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ස්ථානය පිළිබඳ ගවේෂණයක් සිදු කළහොත් ඉතා වටිනා තොරතුරු රැසක් මතු කර ගත හැකියි. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ කෙරෙහි හරි හැටි යොමු වෙලා නෑ. එබැවින් මෙම ස්ථානය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යැයි මා අදාළ අංශ වෙත කියා සිටිනවා.”

මාතලේ දිස්ත්‍රික් සමූහ ඒ.ඒ.එල්. ඩයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT