Wednesday, May 15, 2024
Home » සපුගොඩ කන්ද රැකගන්න කාත්නාවෝ මුල් වෙති

සපුගොඩ කන්ද රැකගන්න කාත්නාවෝ මුල් වෙති

by sachintha
April 29, 2024 1:32 am 0 comment

වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ආනපල්ලම ප්‍රදේශයේ පිහිටි සපුගොඩ කන්ද වාර්ෂිකව ගිනි ගැනීමට ලක්ව විනාශ වන අතර, මෙම කන්ද සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක දිදුලන කාන්තා සමිතියේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලදි.

කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා ක්‍රියාකාරී පුරවැසි කණ්ඩායම්වල දායකත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධාන කළ අතර, කන්දේ නිතර ගිනි ගැනීමට ලක්වන සීමාවේ සිට මීටර් දහයක පළලින් යුත් ගිනි පටියක් කැපීමත්, ගිනි ආවරණ වැටක් ඉදි කිරීමත්, පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් මෙහිදී සිදුකරන ලදි.

මොණරාගල දිසා වන කාර්යාලය, වැල්ලවාය අඩවි වන කාර්යාලය හා සොබා පදනම මෙම වැඩසටහන අධීක්ෂණය සිදු කළ අතර, වැල්ලවාය ආනපල්ලම දිදුලන කාන්තා සමුපකාර සමිතිය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය විසින් වැඩසටහන සඳහා මූල්‍යාධර ලබා දී තිබේ. පැළ සිටුවීමේ වැඩසටහන සඳහා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් ඉන්ද්‍රා මාලනී මහත්මිය ද එක්ව සිටියාය.

වැල්ලවාය විශේෂ ජී.අයි.ආර් ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT