Home » රාජ්‍ය සේව­ක­යන්ගේ හිඟ වැටුප් ඉදිරි මාස 6 ඇතු­ළත ගෙව­නවා

රාජ්‍ය සේව­ක­යන්ගේ හිඟ වැටුප් ඉදිරි මාස 6 ඇතු­ළත ගෙව­නවා

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ

by Gayan Abeykoon
April 30, 2024 1:07 am 0 comment

* අපි නැඟි­ටින්න ඕනේ ක්‍රමා­නු­කූ­ලව මිසක් ජන­ප්‍රි­ය­තාව වෙනු­වෙන් නෙවෙයි

* ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් ලෝකයේ රට­වල් සියලු දෙනාම එක තැන­කට ආවා

* අද පොලී අනු­පා­ත­යන් අඩු වෙලා තිය­නවා

* රාජ්‍ය ආදා­යම් ඉහළ යනු ඇතැයි විශ්වා­ස­යෙන් වැඩකට­යුතු කරන්න

ෑතකදී ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික සහ මූල්‍ය අභි­යෝග පරදා රටක් වශ­යෙන් අද වන විට යම්කිසි සාධ­නීය ප්‍රග­ති­යක් අත්ක­ර­ගෙන තිබෙ­නවා. නමුත් රටේ ජන­තාව ඇතැම් අව­ස්ථා­වල විවිධ පීඩා­වන්ට මුහුණදෙන තත්ව­යක් ද නැතුවා නොවේ. ඉදි­රියේ ආර්ථික වශ­යෙන් අත්කර ගත හැකි ජය­ග්‍ර­හණ මෙන්ම වත්මන් රජය ඒ වෙනු­වෙන් ක්‍රියා­ත්මක කර තිබෙන වැඩ­ස­ට­හන් මොන­වාද?  ජාත්‍ය­න්ත­ර­යෙන් ලැබෙන සහ­යෝ­ගය කෙසේද? තවද රජයේ ඉදිරි සැල­සුම් මොන­වාද යන්න පිළි­බඳ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා සමඟ ‘දින­මිණ’ කළ සංවා­ද­යකි මේ. 

 

අද වන ­විට රටේ පව­තින තත්ත්වය සම්බ­න්ධ­යෙන් සෑහී­මට පත්විය හැකි ද?

සෑහී­ම­කට පත්වෙන්න පුළු­වන්. ඒක මිනි­ස්සුන්ට නොතේ­රෙ­නවා වෙන්න බැහැ. ප්‍රශ්නය ති‍ෙයන්නෙ එතැන නෙමෙයි. අපි කොතෙක් දුරට මේ ශක්ති­ම­ත්භා­වය තියාගන්නවා ද කියන කාර­ණාව සම්බ­න්ධ­වයි. ඡන්ද­යක් ප්‍රකා­ශ­යට පත්වෙලා තිබෙන නිසා ගොඩක් අය නොයෙක් දේවල්  කිය­නවා. ලස්සන දේවල් කිය­නවා. නමුත් එක­ක්වත් මහ පොළොවේ ක්‍රියා­ත්මක කරන්න නෙමෙයි. මේ අර්බු­දය තුළ තමයි එක රටක් වෙනු­වෙන් ලෝකයේ සියලු රට­වල් පෙරට ආපු අව­ස්ථාව වෙන්නෙ. ගොඩක් අය කියන්නෙ මිනිස්සු අහන්න කැමැති දේවල්නෙ. කරන්න පුළු­වන් දේ නෙමෙයි කියන්නෙ. අහන්න කැමැති දේයි. අර්බු­ද­යක් ති‍ෙය­න­කොට යම් සහ­න­යක් දෙනවා නම් ඒක අහන්න කැමැ­තියි. නමුත් ඒ සහන දෙන විදිය මොකක්ද? ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ක්‍රියා­ව­ලියෙ යනවා ද නැද්ද? ඒක වෙනස් කර­නවා නම් මොන­වද වෙනස් කරන්නෙ? ඒක තනි තීන්දු­වක් අනුව වෙනස් කරන්න බැහැ. ඒක මුළු ලෝකයේ රට­වල් ඔක්කො­මත් එක්ක බැඳිලා තියන්නෙ.

 යම් යම් දර්ශක අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් යම්කිසි ප්‍රග­ති­යක් ලබා තිබෙන බව පැව­සු­වත් ජන­තාව මුහු­ණ­දෙන පීඩා­වන් තව­මත් එලෙ­සම පව­ති­නවා. මේ තත්ත්ව­යට හේතුව කුමක් ද?

සම්පූර්ණ වෙලා නැති වුණාට පීඩාව අඩු වෙලා තියෙ­නවා. පැය 13ක් විදු­ලිය තිබුණෙ නැහැ. දවස් 4 – 5 පෝලි­ම්වල හිටියා. බඩු මිල අහස උසට ගියා. උද්ධ­ම­නය සිය­යට 70ට ගියා. ආන­ය­නය කරන්න සල්ලි නැති වුණා. පොහොර ටික නැති වුණා. බෙහෙත් ටික නැති වුණා. ගෑස් ටික නැති වුණා. මාස 18කට කලින් මේ ඔක්කොම නැතුව තිබුණ රටක් මේක. ඒවා ඉක්ම­නට කඩා වැටෙ­නවා වගේ ගොඩ­නැ­ඟෙන්නෙ නැහැ. ගිනි තියන්න ලේසියි. ගිනි තිබ්බා වගේ ඉක්ම­නින් ගින්න නිවන්න බැහැ. ගින්න නිවා­ගෙන නැවත ගොඩ­නැ­ගී­මක් කර­ගෙන යන්නෙ. එත­කොට අත්ති­වා­රමේ ඉඳ­ලම ගොඩ­න­ඟන්න ඕනෙ. ඒකට යම්කිසි කාල­යක් ගත වෙනවා. ඊළ­ඟට ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය අව­සන් වුණාට පස්සෙ නැව­තිලා තිබුණ ව්‍යාපෘති ඔක්කොම පටන් ගනීවි. එත­කොට ඒ ආර්ථික ක්‍රියා­ව­ලිය වේග­වත් වෙලා ජන­තා­වට තවත් සහන ලැබෙයි. මේ ක්‍රමා­නු­කූ­ලව නැඟි­ටී­මක් මිසක් ජන­ප්‍රි­ය­තාව වෙනු­වෙන් නැඟි­ටී­මක් කරන්න බැහැ.

 ඇතැම් අව­ස්ථා­වල කරන බදු සංශෝ­ධ­න­වලදී ජන­තාව තව­දු­ර­ටත් පීඩා­වට පත්වෙ­නවා නේද?

මේ ප්‍රති­සං­ස්ක­රණ අසී­රුයි. අපි කියන්නෙ නැහැ බොහොම පහසු ඒවා කියලා. ඒවා කර­න්නත් අමා­රුයි. කෙටි­කා­ලී­නව ඒකෙන් ඇති­වන පීඩ­න­යත් දරා ගන්න අමා­රුයි. නමුත් අපි අමාරු කාලයේ සැල­කිය යුතු දුරක් ඇවිල්ලා තිබෙ­නවා. ඒක ක්‍රමා­නු­කූ­ලව අමා­රු­කම් අඩු­වෙන කාල­යට යන­කොට නැවත අමා­රු­කම් වැඩි­වන කාල­යට ගමන් කරන්න බැහැ.

 බදු පහත හෙළී­මෙන් රජ­යට අහි­මිවූ බදු ආදා­යම නැවත පියවාගන්නේ කොහො­මද?

මේකත් හරි­යට කන්න ඕනෙ වුණාම කබ­ර­ගොයා තල­ගොයා කර­නවා වගේ වැඩක්නෙ. උදා­හ­ර­ණ­යක් විදි­යට ගත්තම බදු අඩු කරාම මෙච්චර අවා­සි­යක් වෙනවා. එත­කොට අර්බු­ද­යක් එනවා කියලා කෑ ගැහුවා. ඊළඟ පොලී අනු­පා­ත­යන්, උද්ධ­ම­නය පාල­නය කරන්න මුදල් ප්‍රති­ප­ත්තිය වෙනස් කරලා පොලී අනු­පා­ත­යන් ඉහළ ගියාම එහෙම කරන්න බැහැ, කොහො­මද ව්‍යාපා­රි­ක­යන් ජීවත් වෙන්නෙ කියලා කෑ ගැහුවා. නමුත් දැන් අද පොලී අනු­පා­ත­යන් අඩු වෙලා තිය­නවා. අද ඒකෙ අනිත් පැත්ත අර­ගෙන තැන්ප­ත්ක­රුවො කොහො­මද ජීවත් වෙන්නෙ කියලා අහ­නවා. ඒ නිසා කියන තරම් මේ අර්බු­දය කළ­ම­නා­ක­ර­ණය කිරීම පහසු නම් විප­ක්ෂය පැනලා දුවන්නෙ නැහැනෙ. මේ ති‍ෙයන අමා­රු­කම් මැද ජන­තා­වත් තේරුම් ගන්න ඕනෙ කියල මම හිත­නවා. මොකද සරල විදි­යට ප්‍රශ්න දිහා බලලා රටක් වෙනස් කරන්න පුළු­වන් නම් රටක් අර්බු­ද­ය­කට යන්නෙත් නැහැ.

 ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල කියන විදි­හට ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට රට­ව­ල්වල සහ­යෝ­ගය ලැබෙයි කියා විශ්වා­ස­යක් තිබෙ­නවා ද?

ලෝකයේ අපිට සහ­යෝ­ගය නොලැ­බුණු රටක් නැහැ. අපේ ණය හිමි­යෙක් වෙන්න පුළු­වන්, වෙනත් කට­යු­ත්තක කොට­ස්ක­රු­වෙක් වෙන්න පුළු­වන්. ඒකයි මම කිව්වෙ නැවත ආර්ථි­කයේ පිබි­දී­මක් ඇති කර ගැනී­මට සහ අර්බු­ද­යෙන් මිදී­මට ගත්ත ක්‍රියා­මා­ර්ග­ය­න්වල දී මුළු ලෝක­යම එක තැන­කට පැමි­ණීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව ලෝකයේ විශි­ෂ්ට­තම උදා­හ­ර­ණ­යක් වෙනවා. අපි දකි­නවා බොහෝ රට­ව­ල්වල අර්බු­ද­කාරී තත්ත්ව­ය­න්ව­ලදී ලෝකයේ රට­වල් අතර බෙදීම් පෙන්නුම් කර­නවා. ඒක රුසි­යාව, යුක්රේ­නය තුළ පව­තින අර්බු­දය තුළත් අපි දකි­නවා. මැද­පෙ­ර­දිග ඇති­වුණ අර්බු­දය තුළත් අපි දකි­නවා. ලෝකයේ රට­වල් දෙපැ­ත්ත­කට බෙදෙ­නවා. නමුත් ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් ලෝකයේ රට­වල් සියලු දෙනාම එක තැන­කට ආවා.

 පසු­ගිය කාලය පුරා­වට විවිධ ආණ්ඩු යටතේ ශ්‍රී ලංකා­වට විදෙස් ණය ලබා­ගෙන තිබෙ­නවා. එම ණය පිය­වීමේ හැකි­යාව රජය සතුව තිබේ ද?

2024 වසරේ පෙබ­ර­වාරි මාසය වෙන­කොට අපේ රටේ සමස්ත බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේ­ශීය ණය ප්‍රමා­ණය ඩොලර් බිලි­යන 37ක් වෙනවා. ණය ගෙවීම නතර කරපු දිනයේ සිට මේ වසරේ පෙබ­ර­වාරි මාසය වෙන­කම් අපි ඩොලර් මිලි­යන 6,880ක් ගෙවලා නැහැ. ඒ අත­ර­තුර අපි මිලි­යන 1,909ක් ගෙවලා තිබෙ­නවා. මේ කළ­ම­නා­ක­ර­ණය කිරීම වැද­ගත් වෙනවා. සම­හර අයගේ මත­යක් තිබෙ­නවා ඩොල­ර­යට සාපේ­ක්ෂව රුපි­යලේ විනි­මය අනු­පා­තය ශක්ති­මත් වීම තුළ අපිට ඊළ­ඟට ණය ගෙවන්න ගත්විට ඒක අනිත් පැත්තට වැඩ කරයි කියලා. ණය ගෙවන්න යන­කොට නැවත අර්බු­දයේ මුලට එයි කියලා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ වැඩ­ස­ට­හන හදලා තියෙ­න්නෙම ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය වීම, ණය ගෙවීම ආරම්භ කිරීම, ණය ගෙවීම ආරම්භ කළ විට නැවත කඩා වැටී­ම­කට ලක් නොවී­ම­ටයි. ඒකයි අපි මේ මූල්‍ය ප්‍රති­ප­ත්තිය වෙනස් කරලා තිබෙන්නෙ. ඊළ­ඟට ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය සිදු වෙනවා.

මේ යන ගමන් මඟ තව මාස 18ක කාල­යක් ගමන් කළ­විට ලෝකයේ එන ඕනෑම අභි­යෝ­ග­යක් තුළ රටේ ආර්ථික ක්‍රමයේ වැටී­මක් නැවත එන්නෙ නැහැ කියලා අපිට සහ­තික වෙන්න පුළු­වන් වෙනවා. නමුත් කෙටි­කා­ලී­නව මේක වෙනස් කරන්න ගියොත් නැවත අර්බු­දයේ මුල­ටම යනවා කියන දේත් සහ­ති­කයි.

 ණය වාරික ගෙවීම අත්හි­ටු­වී­මට රජය තීර­ණය කර තිබෙ­නවා ද? ණය පිය­වීම සිදු­වන්නේ කෙසේ ද?

2028 වසර දක්වා ණය පිය­වීම නව­ත්වලා කියලා විවිධ ප්‍රකා­ශ­යන් වෙනවා. ඒ සම්බ­න්ධව පැහැ­දිලි කිරී­මක් කළොත් අපි විකල්ප යෝජනා කිහි­ප­ය­කුත් සමඟ සාකච්ඡා කර­නවා. ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­වක් ඇවිල්ලා තිබෙ­නවා. එත­කොට අපි මේ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තාව වාණිජ ණය හිමි­ය­න්ගෙ­නුත් ලබා ගැනී­මට කට­යුතු කර­නවා. පෞද්ග­ලික බැඳු­ම්කර හිමි­ය­න්ගෙ­නුත් ලබා ගැනී­මට කට­යුතු කර­නවා. විශේ­ෂ­යෙන්ම ද්වි පාර්ශ්වික ණය අව­බෝ­ධතා ගිවි­සුම් බවට පරි­ව­ර්ත­නය විය යුතුයි. ජුනි මාසයේ දී අපේ තුන් වැනි වාරි­කය ලබා ගැනී­මට ඒක සම්පූර්ණ වීම අපිට වැද­ගත් වෙනවා. ඒ නිසා හරි­ය­ටම මේ සාක­ච්ඡාව අව­සන් වුණාට පසුව අපි කිය­න්නම් පැහැ­දි­ලි­වම අපි ලබන සහන කට­යුත්ත මොකක්ද කියලා.

 අස්වැ­සුම සම්බ­න්ධව ඉදි­රි­යට යන වැඩ­පි­ළි­වෙළ කොහොම ද?

දැන් මේ වෙන­කොට ගෙවී­ම්ව­ලට පළ­මු­වැනි වට­යෙන් 1,840,000ක් සුදු­සු­කම් ලබලා තිබෙ­නවා. ඒක ඇතුළෙ 182,000ක් අභි­යා­චනා විරෝ­ධතා පරික්ෂා කරලා සුදු­සු­කම් ලබපු අය ඉන්නවා. නමුත් ඒ එක්කම ඒකෙ ඇතුළෙ තව ලක්ෂ දෙක­කට ආසන්න ප්‍රමා­ණ­යක් ගිණුම් විවෘත කරලා නැති පිරි­සක් ඉන්නවා. ඒ අයට කොතෙක් දැනු­ම්වත් කිරීම් කරත් ඒ අය ගිහින් විවෘත කරන්නෙ නැහැ කියලා කිය­නවා. එත­කොට අපිට ගෙවී­මක් කරන්න බැහැ. අපිට ලක්ෂ 20 දක්වා යන්නත් ඕනෙ. මේ වසරේ ජුනි මාසයේ ඉඳලා ලක්ෂ 24ක් දක්වා ගෙවීම් සිදු කරන්න ඕනෙ. අපි මේ වසරේ බලා­පො­රොත්තු වෙනවා බිලි­යන 205ක මුද­ලක් අස්වැ­සුම සහ අනෙ­කුත් සමාජ ආර­ක්ෂණ වැඩ­පි­ළි­වෙ­ළ­ව­ල්ව­ලට විය­දම් කරන්න. නමුත් ඉස්සර වගේ හිතු­මතේ විය­දම් කරන්න බැහැ. ඒකට නිසි ක්‍රම­වේ­ද­යක් තිබෙ­නවා. මෘදු­කාං­ග­යක් තිබෙ­නවා. හඳුනා ගැනී­මක් කළ යුතුයි.

සහ­තික කිරීම් කළ යුතුයි. විනි­වි­ද­භා­ව­යක් තිබිය යුතුයි. කලින් දීපු ක්‍රම­යට වඩා වෙනස් වෙලා තිබෙන්නෙ එතැ­නයි. එත­කොට මේකෙ වැද­ගත් වෙන්නෙ එකක් අපි මැයි මාසෙ වෙන­කොට දැනට ඉල්ලු­ම්පත්‍ර කැඳ­වලා තිබෙ­නවා. අපි හිත­නවා මේ සියලු ඉල්ලු­ම්පත්‍ර ඇතු­ළත් කළාම ලක්ෂ 4ක පමණ ඉල්ලු­ම්පත් ප්‍රමා­ණ­යක් අලු­තින් එකතු වෙනවා කියලා. ගිය සැරේ ලැබුණු ලක්ෂ 37ට අම­ත­රව අලු­තින් ලක්ෂ 4ක් ඇවිල්ලා තිබෙ­නවා. එත­කොට අපි මැයි මාසෙ ඉඳලා මේ අය සහ­තික කිරීම, ඊළ­ඟට ගිය අවු­රුද්දෙ සහ­තික කරලා දීමනා ගත්ත කණ්ඩා­යම නැවත සහ­තික කිරීම (ගත්ත නොගත්ත සහ ඉල්ලුම් කරපු) පළමු වැනි වටේ දී අපි ලක්ෂ 34ක් සහ­තික කළා. ඒ ලක්ෂ 34 නැවත සහ­තික කිරීම, අලු­තින් සහ­තික කිරීම සහ ජුනි මාසය වන­විට අනි­වා­ර්ය­යෙන්ම අලුත් ලැයි­ස්තු­වට ගෙවන්න අවශ්‍ය කට­යුතු කර­නවා.

රාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් සම්බ­න්ධ­යෙන් යම්කිසි අර්බු­ද­කාරී තත්ත්ව­යක් තිබෙ­නවා. එම ගැට­ලුව විස­ඳීම සඳහා රජයේ මැදි­හ­ත්වීම කෙසේ ද ?

වැටුප් ගෙවීමේ දී පැවැති බර­ප­තළ අර්බු­දය මේ වන විට සැල­කිය යුතු මට්ට­ම­කින් පහත වැටී තිබෙ­නවා. මුලදී අපි වැඩි කළ රුපි­යල් 10,000 දීම­නාව අප්‍රේල් මාසයේ සිට ඉහළ දමන්න පිය­වර ගෙන තිබෙ­නවා. තවත් මාස 6ක් ඇතු­ළත හිඟ මුදල ගෙවන්න රජය තීර­ණය කර තිබෙ­නවා. බලා­පො­රොත්තු වූ ආකා­ර­යෙන් ආදා­යම් ඉහළ යනු ඇතැයි විශ්වා­ස­යෙන් යුතුව වැඩ කරන්න. නිය­මි­තව තිබූ රුපි­යල් 10000න් 5000ක මුද­ලක් ජන­වාරි මාසයේ සිට ඉහළ නංවන්න පිය­වර ගත්තා. යම්කිසි අයෙක් විශ්‍රාම යන්නේ නම් ඔවුන්ට ද මේ හිඟ මුදල ගළ­පන්න කට­යුතු කර­නවා. මේ වසර ඇතු­ළ­තම මේ හිඟය ගළ­පන්න අපි උත්සාහ කර­නවා. ස්වයං රැකියා සඳහා ජන­තාව යොමු කර­ව­න්නත් සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් දිරි­මත් කර­න්නත් අවශ්‍ය වෙනවා.

 මහින්ද අලු­ත්ගෙ­දර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT