Home » පුංකුඩුතිව් කෝවිලේ සංවර්ධන කටයුත්තකට වළක් හාරද්දී මිනිස් ඇටසැකිලි 2ක් මතුවෙලා

පුංකුඩුතිව් කෝවිලේ සංවර්ධන කටයුත්තකට වළක් හාරද්දී මිනිස් ඇටසැකිලි 2ක් මතුවෙලා

by mahesh
May 3, 2024 1:00 am 0 comment

යාපනයේ පුංකුඩුතිව් රෝහල ආසන්නයේ පිහිටි කෝවිලක් අසල වළකින් මිනිස් ඇටසැකිලි දෙකක් හා තවත් ඇටසැකිලි කොටස් කිහිපයක් පෙරේදා (01) හමු වී තිබේ.

කෝවිලේ සංවර්ධන කටයුත්තක් සඳහා ගෙපැලක් කැපීමට ගිය අවස්ථාවේදී මෙම මිනිස් ඇටසැකිලි හමු වී තිබේ. මේ පිළිබඳව කයිට්ස් පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ මූලික පරීක්ෂණ සිදු කොට කයිට්ස් අධිකරණයට තොරතුරු වාර්තා කොට ඇත.

කයිට්ස් මහේස්ත්‍රාත්වරයා මිනිස් ඇටසැකිලි හමු වූ ස්ථානයට පැමිණ අවට ප්‍රදේශය පරික්ෂා කොට ඇති අතර එම ස්ථානයේ පූර්ණ ආරක්ෂාව යටතේ කැණීම් කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලෙස කයිට්ස් පොලිසියට නියෝග කොට තිබේ.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව පොලිසිය, ප්‍රදේශයේ ආරක්ෂක අංශවල හා රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදු කිරීම පිණිස මූලික කටයුතු සංවිධානය කොට ඇත.

උතුරු පලාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT