Home » වැලිඔය බිම්බෝම්බ ඉවත් කරමින් සිටි පිරිසකට ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පැරණි කාසි මුට්ටියක් හමුවෙයි

වැලිඔය බිම්බෝම්බ ඉවත් කරමින් සිටි පිරිසකට ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පැරණි කාසි මුට්ටියක් හමුවෙයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment

වැලිඔය ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි සේවකයින් පිරිසකට ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පැරණි කාසි මුට්ටියක් හමු වී තිබේ.

එම කාසි පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී දැකගැනීමට ලැබී ඇත්තේ 1975 වසරේදී පමණ ශ්‍රී ලංකාවේ භාවිත කළ රුපියල, ශත පනහ හා ශත විසි පහ කාසි ද ඉන්දියාවේ භාවිත කළ කාසි ද ඒ අතර ඇති බවයි.

මෙම කාසි ඉපැරණි ගණයට ගත නොහැකි බවත් ඒවායෙහි පුරාවිද්‍යා වටිනාකමක් නොමැති නිසාත් කාසි මුට්ටිය මතක සටහන් ද්‍රව්‍ය ගොන්නට ඇතුළත් කොට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යාලයේ තැබීමට පියවර ගෙන තිබේ.

උතුරු පලාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT