රජය මඟින් බෙදා හරින සහල් තමන්ට නොලැබුණැයි උරණ වූ කාන්තාවක විසින් සිදු කළ පහරදීමකින් ග්‍රාම නිලධාරිනියක තුවාල ලබා පාණදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිනිය වන අතර පහර දීම සම්බන්ධව වස්කඩුව පනාපිටිය ප්රදේශයේ පදිංචි කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ දිනවල රජය මඟින් ලබා දෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදු කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ ග්‍රාම නිලධාරීවරිය පාණදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව ද රෝහල් ප්රකාශකයෙක් පැවැසීය. සැකකාරිය කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර උතුර ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ඒ. ගුණසේකර මහතාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.