එක්සත් ජනපද ඩොලරය, ස්ටර්ලින් පවුම, යුරෝ, ඉන්දියානු රුපියල ඇතුළු ලෝකයේ මුදල් ඒකක රාශියක් හා සැසඳීමේ දී මේ වනවිට ශ්‍රී ලංකා රුපියල වඩාත් ශක්තිමත් මුදල් ඒකකය බවට පත්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රුපියල, ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් ශ්‍රී ලංකා රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමඟම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි.
මුල් මාස හතර තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 9.1%ක වර්ධනයක් අත් කරගෙන ඇති රුපියල, යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 12.7%ක වර්ධනයක් අත් කරගෙන ඇත. ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒකකයට සාපේක්ෂව 11.4%ක වර්ධනයක් රුපියල හිමි කරගෙන තිබේ.
ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 21%කින් ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 9.5%කින් ද වර්ධනය වී ඇති රුපියල ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 14.2%කින් වර්ධනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම කෙරෙහි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම, සංචාරක ඉපැයීම් ආදායම් වැඩිවීම සහ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම හේතුවී තිබේ. මෙරටට විදේශ විනිමය වැඩි වශයෙන් ලැබෙන විට ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වන බවත් විදේශ විනිමය ගෙවීම් වැඩි වූ කළ රුපියල අවප්‍රමාණය වීම සිදුවන බවත් ඒ සිදුවනුයේ මූල්‍ය වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම අනුව බවත් මහ බැංකු ප්‍රකාශකයකු දිනමිණට ප්‍රකාශ කළේය.