නොරොච්චෝල පොලිස් බල ප්රදේශයට අයත් මාම්පූරිය වෙරළ තීරය ආසන්නයේ නවතා තිබූ ඉන්දීය බීඩි කොළ උර 20ක් සහිත ලොරියක් පෙරේදා (4) අලුයම නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සමඟම මෙම බීඩි කොළ මුහුදු මඟින් ප්රවාහනය සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව සහ එන්ජිම ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිතුමාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සඳහා යමින් සිටියදී අදාළ සැකකරුවන් එම ස්ථානය මඟ හැර පලා ගොස් ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවැසීය. මෙම බීඩි කොළ ඇසුරුම් හී බීඩි කොළ කිලෝ 600ක් තිබුණු අතර එහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් බැව් පොලිසියේ අදහසයි.
අදාළ ලිපි ලේඛන ඇසුරින් පරීක්ෂණ මෙහෙයවා සැකකරුවන් සොයා ගැනීමට නියමිතය. රේගු නීති උල්ලංඝනය කරමින් වරායක් නොවන ස්ථානයකින් භාණ්ඩ ගොඩ බෑම, රටට හිමි විය යුතු අධික තීරු බද්දක් අහිමි කිරීම ආදී චෝදනා යටතේ මෙම නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. නොරොච්චෝල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ධර්ම කුමාර මහතාගේ මෙහෙයවීමෙන් නොරොච්චෝල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.