135
අහංගම කතළුව ප්රදේශයේ පිහිටි සංචාරක නිකේතනයක පසුගිය සිකුරාදා හදිසියේ හටගත් ගින්නකින් එම සංචාරක නිකේතනයේ නවාතැන් ගන්නා කාමර හතරක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි අහංගම පොලිසිය පවසයි. එහෙත් මෙම ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවද පොලිසිය සඳහන් කළේය.
කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගිනිනිවන රථය පැමිණ පැතිර යමින් තිබූ ගින්න නිවා දමනු ලැබීය. එම සංචාරක නිකේතනයේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටින විට වෙල්ඩින් යන්ත්රයකින් පිටවූ ගිනිපුපුරකින් මෙම ගින්න හට ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අහංගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.