104
නෝටන්බ්‍රිජ් සිට නුවරඑළිය දක්වා ධාවනය කළ ත්‍රිරෝද රථයක් නානුඔය උඩරදැල්ල ප්‍රදේශයේදී ඉකුත් 3 වැනි දින පස්වරුවේ ප්‍රධාන මාර්ගයේදී ගිනිගෙන විනාශ වී ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
ගිනි ගැනීමට ලක් වූ ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර එකවරම ත්‍රිරෝද රථයේ පිටුපසින් ගින්නක් හට ගැනීමත් සමඟ ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනා ත්‍රිරෝද රථයෙන් බැසීමත් සමඟම ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය කියා සිටියේ. ත්‍රිරෝද රථය අධික ලෙස රත්වී එහි ඉන්ධන කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට නානුඔය පොලිසිය සැක කරයි.