වැලිගම ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු පෙරේදා (4) දහවල් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇති අතර එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
වැලිගම කොලේදණ්ඩ ප්රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකු පෙරේදා (4) උදෑසන වැලිගම ගන්දූව ආසන්නයේ වෙරළ තීරයේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී එම තරුණයන් තිදෙනා රළ පහරකට හසුවී ඇති අතර දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇති අතර එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම කොලේදණ්ඩ ප්රදේශයේ පදිංචිව සිටි අබ්දුල් භාෂිත් නැමැති වයස 20ක් වන තරුණයෙකි. ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර මේ වන විට හමුවී ඇති අතර වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.