ඩුබායිහි පදිංචිව සිට මෙරට මනුෂ්‍ය ඝාතන සහ අපරාධ ක්‍රියාකාරකම්වල නිරත සංවිධානාත්මක අපරාධකරුවකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා අනුබල දීම සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ බව කියන Òපහත්ගම සුරංගÓ නමැත්තා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුබද්ධ පාතාල මර්දන අංක 10 ඒකකය පවසයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි තොරතුරක් මත සැකකරු හංවැල්ල, තුන්නාන, ජම්බුගස්වත්ත ප්‍රදේශයේ නිවෙසක සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී යට ඇඳුමක සඟවා ගෙන සිටි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 30ක් ද හමු වූ බව එම ඒකකය පැවැසීය. සැකකරු සංවිධානාත්මක අපරාධකරු ලලිත් කන්නංගර නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම, මන්නාවලින් කපා කොටා පහර දීම ආදී කටයුතු රැසක් සම්බන්ධයෙන් මෙයට පෙර ද පොලිස් අත්අඩංගුවට පත්වූවෙකු බව ද එම ඒකකය පැවැසීය. වැඩිදුර විමර්ශනය සඳහා සැකකරු හංවැල්ල පොලිසිය වෙත භාර දී ඇති අතර සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පාතාල මර්දන අංක 10 ඒකකයේ ප්‍රධානි උප පොලිස් පරීක්ෂක ප්‍රබෝධ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වනු ලැබීය.