විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන තුන්කොන් පුහුණු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදු විය.
ඒ අනුව කුසල් මෙන්ඩිස් නායකත්වය දෙන කහ පිල සහ ජනිත් ලියනගේ මෙහෙයවන කොළ පිල අතර එම තරගය අද යළිත් පස්වරු 2.00ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මේ අතර පෙරේදා පැවති තරගාවලියේ දෙවැනි තරගයෙන් චරිත් අසලංක නායකත්වය දෙන රතු පිල හමුවේ කොළ පිල කඩුල්ලකින් පරාජයට පත්විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළ පිල කඩුලු 9ක් දැවී ලකුණු 151ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය රතු පිල පන්දුවක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුල්ලක් පමණක් ඉතිරිව තිබියදීය.