Home » රත්නපුරේ නන්ද නාහිමිට ගෞරව නාමය සහිත ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියක්

රත්නපුරේ නන්ද නාහිමිට ගෞරව නාමය සහිත ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියක්

by sachintha
May 7, 2024 1:21 am 0 comment

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් නාරාහේන්පිට ශ්‍රී ශාරිපුත්ත විහාරාධිපති රත්නපුරේ නන්ද නාහිමියන් වෙත ශාසන කීර්ති ශ්‍රී විමලරතන ගෞරව නාමය සහිත ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ආශිර්වාද පළ කිරීමේ අභිනන්දන මහෝත්සවය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි.

එහිදී මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මඟින් ජපන් ජාතික ගෞඉචි තකෂිමා (Ven. Gyoichi Takachima) හිමියන් වෙත පිරිනමා ඇති සාමවිභාවි ලෝකත්ථචරියා ගෞරව නාම සම්මුතිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් උන්වහන්සේ වෙත පිරිනැමූ අවස්ථාව. රත්නපුරයේ නන්ද නාහිමියෝද මෙහි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT