Home » අමුතාගොඩට හරක් හොරුන් ආවේ මැරුණු අයකුගේ නමින් ලියාපදිංචි කළ වාහනයකින්

අමුතාගොඩට හරක් හොරුන් ආවේ මැරුණු අයකුගේ නමින් ලියාපදිංචි කළ වාහනයකින්

by sachintha
May 7, 2024 1:58 am 0 comment

රත්නපුර පොලිස් බල ප්‍රදේශයට අයත් අමුතාගොඩ ප්‍රදේශයේ එළ ගවයෙකු මසට රැගෙන යාමට පසුගිය 24දා පැමිණි හරක් හොරුන් පිරිසක් ගම්වාසීන් විසින් එළවා දමා ඇතත්, ගවයා වෑන් රථයට පැටවීමට ගත් උත්සාහයේදී එම ගවයාගේ කොන්ද කැඩී මේ වන විට දින 10ක් පමණ කාලයක් එක්තැන්ව සිටී. හරක් හොරුන් විසින් ගවයා වෑන් රථයට පටවා ගැනීමට පෙර කකුල් ගැට ගසා කුරු තළා ඇති අතර කුරු තැළීමෙන් හා කොන්ද කැඩීම නිසා එම ගවයා එක්තැන්ව සිටීන අතර, අයිතිකරු ද මේ වන විට ගවයා රැක බලා නොගන්නා බවත් ගම්වාසීහු පැවසූහ. රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි මිණිපුර මහතාට අනුව හරක් හොරුන් පැමිණි බවට ගම්වාසීන් ලබා දුන් වෑන් රථයේ අංකය අනුව වෑන් රථය මාදම්පේ රන්වල ප්‍රදේශයේ අයකුගේ නමින් ලියාපදිංචි කළ එකක් බවට දැන්වීමෙන් පසු එම ප්‍රදේශයට ගොස් සොයා බැලුව ද එහි එවැනි අයෙකු සිටියත් ඔහු මේ වන විටත් මිය ගොස් වසර හයක් පමණ ගතව ඇති බවට තොරතුරු අනාවරණය වන නමුත් අදාළ පුද්ගලයාට වෑන් රථයක් කිසිදාක තිබී නැති බව තහවුරු වූ බවත්ය.

කේ.ඒ. සුනිල් – කුරුවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT