Home » ඩෙල්ෆ්ට් දූපතේ සිට ලොරියකින් ගවයින් 21ක් ඇද්ද අයෙක් අත්අඩංගුවට

ඩෙල්ෆ්ට් දූපතේ සිට ලොරියකින් ගවයින් 21ක් ඇද්ද අයෙක් අත්අඩංගුවට

by sachintha
May 7, 2024 1:57 am 0 comment

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට නීති විරෝධී ලෙස යාපනයට ප්‍රවාහනය කරමින් සිටි එළ ගවයින් 21 දෙනෙකු සමඟ ලොරියක් හා සැකකරුවකු යාපනය පොලිසිය විසින් පෙරේදා (5) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම එළ ගවයින් ඉතා හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි බව පැවැසූ යාපනය පොලිසිය එම ගවයින් ඩෙල්ෆ්ට් දූපතේ සිට බෝට්ටු මඟින් ගොඩබිමට රැගෙන විත් පසුව එම සතුන් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද පැවසීය.

ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 21 දෙනාගෙන් 9 දෙනෙකු මුදලට ලබා ගෙන ඇතත් ඒ සඳහා කුවිතාන්සි තිබුණද හිංසාකාරී ලෙස එම ගවයින් ප්‍රවාහනය කිරීම සැකකරුට එරෙහි වූ එක් චෝදනාවකි.අනෙක් ගවයින් 12 දෙනා මිලට ගැනීම වෙනුවෙන් කිසිම කුවිතාන්සියක් නොතිබූ නිසා එම ගවයින්ව හොරෙන් රැගෙන එන ලද ගවයින් බවට පොලිසිය සැක කරයි. සැකකරු හා ගවයින් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

 

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT