Home » ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ආරියලතා දහනායක දිවි සැරිය නිම කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ආරියලතා දහනායක දිවි සැරිය නිම කරයි

by sachintha
May 7, 2024 1:35 am 0 comment

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රථම සහ එකම ජනමාධ්‍යවේදිනිය වූ දෙහිඅත්තකණ්ඩිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ආරියලතා දහනායක මහත්මිය පසුගිය 04 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. මියයන විට 64 වන වියෙහි පසුවූ ඇය දරුවන් තිදෙනකුගේ මවකි.

මහවැලි සී. කලාපයේ වසර 25කට අධික කාලයක් මාධ්‍ය වෘත්තියේ නියැළෙමින් පුවත්පත් රැසක දෙහිඅත්තණ්ඩිය වාර්තාකාරිනිය ලෙස ද, දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව රෝහල්වල ද ඇය සේවය කළාය. විශ්‍රාම සුවයෙන් පසුවූ ඇය වසරක පමණ කාලයක් රෝගාතුරව සිටියාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (06) සවස 03.00ට සඳුන්පුර ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

මාපාකඩවැව සමූහ – එච්. එම්. රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT