Home » දේව ප්‍රතිමාවට මල් ඉසින්න කුලුනට නැඟි බැතිමතා ඇද වැටිලා

දේව ප්‍රතිමාවට මල් ඉසින්න කුලුනට නැඟි බැතිමතා ඇද වැටිලා

by sachintha
May 7, 2024 1:51 am 0 comment

යාපනයේ පුංකුඩුතිව් කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරූ උත්සවයේදී දේවතාවියගේ ප්‍රතිමාවට මල් ඉසීමට කෝවිලේ ඝණ්ටාර කුලුනට නැඟුණු පුද්ගලයකු ඉන් ඇද වැටීම නිසා ඔහුගේ දෙපාවලට 5 දා දැඩි ලෙස හානි සිදුව තිබේ.

මුලින්ම ඔහු බිම සිට දේවතාවියගේ ප්‍රතිමාවට මල් ඉසීම කරගෙන ගියත් නිසි ලෙස එම මල් ප්‍රතිමාව මතට පතිත නොවීම නිසා ඔහු ඝණ්ටාර කුලුනට නැඟ මල් ඉසින්නට පටන් ගෙන තිබේ.

එවර මල් සියල්ලම දේවතාවියගේ ප්‍රතිමාව මතටම පතිත වීම නිසා ඉන් උද්දාමයට පත් ඔහු කෑගසමින් මල් ඉසිමින් සිටියදී ඔහුව එක්වරම පය ලිස්සා බිම ඇද වැටී ඇත.

ගිලන් රථයක් මඟින් ඔහුව වහාම යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහුගේ දෙපාවල අස්ථි දැඩි ලෙස බිඳී යෑම නිසා ඔහු මේ වන විට එක්තැන් වී ප්‍රතිකාර ලබයි.

තිදරු පියෙකු වන මෙම බැතිමතා බැලීමට විශාල පිරිසක් යාපනය රෝහලට ගොස් ඇති අතර ඔහුට හා ඔහුගේ පවුලට උදවු උපකාර කිරීමට මේ වන විට යාපනයේ හා විදේශීය රටවල සංවිධාන කිහිපයක්ම ඉදිරිපත් වී සිටියි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT