Home » කල්මුණේ සිට මහරගම අපේක්ෂා රෝහලට එමින් තිබූ බස් රිය අනතුරකට ලක් වෙලා – පහක් රෝහලේ

කල්මුණේ සිට මහරගම අපේක්ෂා රෝහලට එමින් තිබූ බස් රිය අනතුරකට ලක් වෙලා – පහක් රෝහලේ

by sachintha
May 7, 2024 1:51 am 0 comment

මඩකලපුව කල්මුණේ සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා ගමන් කරමින් තිබූ පොලොන්නරුව ඩිපෝවට අයත්, ලංගම බස් රථයක් 06 වෙනිදා චෙන්කල්අඩි නගරයේදී අලුයම 3.30 ට පමණ පාරෙන් ඉවතට පැන විදුලි ට්‍රාන්ස්ෆෝමරයක සහ වෙළෙඳසලක ගැටී සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු තුවාල ලබා චෙන්කල්අඩි සහ මඩකලපුව රෝහෝවලට ඇතුළත් කර ඇති බව එරාවුර් පොලිසිය කියයි.

අනතුරට හේතුව, රියැදුරුගේ අධික වේගය බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් බස් රථයට සහ වෙළෙඳසලට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර විදුලි ට්‍රාන්ස්පෝමරය සහ විදුලි කණු කඩා වැටීම හේතුවෙන් චෙන්කල්අඩි නගරයට විදුලිය විසන්ධි වී ඇති බවද, ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවද එරාවුර් පොලිසිය කියයි.

මෙම අනතුරෙන්, බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් තිදෙනකු තුවාල ලබා ඇති බවද, පරීක්ෂණ පවත්වන එරාවුර් පොලිස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ එරාවුර් පොලිසිය මඟින් සිදු කරයි.

සිරිපුර මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT