Home » මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩා වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි පරීක්ෂණයක්

මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩා වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි පරීක්ෂණයක්

by sachintha
May 7, 2024 1:52 am 0 comment

අපරාධ ස්ථාන පරීක්ෂක පොලිස් නිලධාරීන් සොකෝ ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටිය දී

ඉදිකිරීම් ඇනහිට පැවති කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදිවෙන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටුණේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් දැයි අනාවරණය කර ගැනීම සඳහා ඊයේ 6 පස්වරුවේ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විශේෂ නිරීක්ෂණයට ලක්කෙරිණි.

ඉකුත් 4 පස්වරුවේ මෙම මාර්ගයේ මීටර් තිහක් දිග කොන්ක්‍රීට් බාල්කයක් මැදින් කඩා වැටී තිබිණි. ඊට යාබදව පිහිටි තවත් කොන්ක්‍රීට් බාල්ක දෙකක් ඇළවී පවතින අතර ඒවා කඩා වැටීමේ තර්ජනයකට ඉඩ ඇත්දැයි සොයා බැලීමටද නියමිතය. කඩා වැටුණු කොන්ක්‍රීට් බාල්කයේ වටිනාකම රුපියල් ලක්ෂ සියයක් පමණ වන බවට ගණන් බලා ඇත.

ඊයේ 6 පස්වරුවේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය භාර උපදේශක නිලධාරීන් ද ස්ථානය නිරීක්‍ෂණයට ලක් කරමින් පවතින අවස්ථාවේ බෙම්මුල්ල පොලිසියේ මැදිහත්වීම මත පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක සොකෝ නිලධාරීන් ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණියහ.

ව්‍යාපෘතිය භාර උපදේශක නිලධාරීන් හා පොලිසිය අතර ඇති වූ සාකච්ඡාවේදී හෙළි වුණේ මෙම සිදුවීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිදුව ඇති බවට බෙම්මුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විශේෂ පරික්ෂාව සිදු කරන බවයි.

මෙම ව්‍යාපෘතියට අනුයුක්තව සේවය කළ සේවකයින්ගෙන් හා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමට ද පොලිසිය මෙහිදී පියවර ගනු දක්නට ලැබිණි.

 

කොටදෙනියාව සමූහ – එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT