Home » පල්ලේබැද්දට පොලිසිය ඇයි තාම පරක්කු

පල්ලේබැද්දට පොලිසිය ඇයි තාම පරක්කු

by sachintha
May 9, 2024 1:34 am 0 comment

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ජේ.පො.අ. කොට්ඨාසය තුළ “පල්ලේබැද්ද නමින්” නව පොලිස් ස්ථානයක් පිහිටුවීමට රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අනුමත වී ඇත. මෙය නීතිය සාමය අගයන නීතිගරුක ජනතාවට මහත් සතුටට කරුණක් වුවද බලවත් කනගාටුවට කරුණ වන්නේ කාලයක් ගත වී ඇතත් බඩු භාණ්ඩ පවා ලැබී තිබියදී අනුමත වූ පොලිසිය පිහිටුවා ගැනීමට නොහැකි වීමයි. මෙයට හේතු කාරණා ජනතාව වන අපට ගැටලුවකි. නොසැලකිල්ල යන්නද ප්‍රශ්නයකි. වසර ගණනාවක සිට කොස්වැටිය ප්‍රදේශය ආවරණය වන පරිදි පොලිස් ස්ථානයක් ලබා දෙන ලෙසට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්, විවිධ සමිති සමාගම් හා පුද්ගලයින් විසින් අදාළ බලධාරීන්ට ලිඛිතව කරුණු කාරණා පෙන්වා දෙමින් නිරන්තරයෙන් ඉල්ලීම් කරන ලදි. පසුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොලිසියක් අනුමත වීම අප ලැබූ සම්පතකි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම අදාළ නිලධාරීන්ගේ වගකීමක් බව ජනතාව වන අපගේ විශ්වාසය වනු ඇත.

නව පොලිස් ස්ථානය පිහිටුවීමට සුදුසුම ප්‍රදේශය කොහේද යන්න තීරණය කිරීමට අදාළ බලධාරීන් විසින් කරුණු කාරණා හේතු සැලකිල්ලට ගත යුතු විශේෂ කරුණකි. එනම් පොලිස් ස්ථාන ‍දෙකේ පිහිටි දුර ප්‍රමාණය, මායිම් සීමාවන්වල සිදු වන දරුණු ගණයේ අපරාධ, දූෂණ, විවිධ ජාවාරම්, අනවසර ප්‍රවාහන කිරීම් හා මංකොල්ලකෑම් හා දුර ගම්මානවල වෙසෙන ගොවි ජනතාවට අපහසුතාවලින් තොර කාර්යක්ෂම සේවාවක් සැලසීම වැනි අත්‍යවශ්‍යම වැදගත් කරුණු ගැන වඩාත් සැලකිල්ලක් අවධානයක් යොමු විය යුතු කරුණකි. එමෙන්ම පොලිසියක් ආසන්නයේම පිහිටුවීම සුදුසු නොවන බවත් ජනතා අදහස් හා කරුණු කාරණා හා ඉහත අවසනාවන්ත සිදුවීම් හා බලන විට පොලිසිය පිහිටුවිය යුත්තේ කොස්වැටිය ප්‍රදේශය ආසන්නයේ බවත් ඉන් ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් ජනතාවට වඩාත් වැදගත් සේවයක් සැලසෙන බව කිව යුතුය. සමහර නිලධාරීන්ගේ විවිධ හේතු තර්ක නිසාවෙන් ගමට ලැබුණු මෙම සම්පත සේවාව ප්‍රමාද වීම බරපතළ අවාසනාවකි.

ඩබ්ලිව්. ඒ. සිරිපාල

කොස්වැටිය

පල්ලේබැද්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT