Monday, May 20, 2024
Home » මැතිවරණය ඉලක්ක කර ගෙන ආණ්ඩුව සිදු කරන මුදල් නාස්තිය නතර කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මැතිවරණය ඉලක්ක කර ගෙන ආණ්ඩුව සිදු කරන මුදල් නාස්තිය නතර කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
May 9, 2024 2:04 am 0 comment

මැතිවරණය ඉලක්ක කර ගෙන තමන්ට හිතවත් පුද්ගලයන්ගෙන් සමන්විත කමිටු ඇති කරමින් පළාත් පාලන ආයතන 341කට මිලියන 3410ක් වෙන් කිරීමෙන් ආණ්ඩුව සිදු කිරීමට නියමිත මහා මුදල් නාස්තිය නතර කර එම මුදල් උපයෝගී කර ගෙන මෙරට රජයේ පාසල් 10126න් පාසල් 3400කට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර 1 බැගින් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

ප්‍රදේශීය ලේකම් හා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය සංවර්ධන, දිස්ත්‍රික් සංවර්ධන හා කෘෂිකර්ම කමිටු ආදී කමිටු රැසක් තිබිය දී නව කමිටුවක් සකස් කරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා. බංකොලොත් රටේ මෙවැනි අවිධිමත් ආකාරයට කටයුතු කළ නොහැකියි.

ගම් 14022ටම කමිටු ඇති බවත් එවැනි කමිටු තිබියදී ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් අතළඟ තියාගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකියි. මේ සඳහා වෙන් කරන මුදල් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී සුහුරු පන්ති කාමර ආදිය ලබා දිය හැකියි. එවැනි ඵලදායී කටයුත්තක් සිදු නොකරන්නේ නම් මෙය අභියෝගයට ලක් කරනවා.

ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට රජය කටයුතු කළත් පළාත් පාලන බල ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රජා උපදේශක කමිටු පිහිටුවා රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් ආණ්ඩුවේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට රජය සැරසෙන බව පෙනී යන බවත් මෙම කමිටු පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට බලය ලබා දෙමින් අත්තනෝමතිකව හා ජනතා විශ්වාසය කඩවන අයුරින් රජය කටයුතු කර තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT