Monday, May 20, 2024
Home » පොලිස් නිලධාරියකු යටකරමින් යතුරුපැදියේ පිම්මේ ගිය සැකකරු රිමාන්ඩ්

පොලිස් නිලධාරියකු යටකරමින් යතුරුපැදියේ පිම්මේ ගිය සැකකරු රිමාන්ඩ්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

ආරක්ෂක හිස්වැසුම් නොමැතිව පොලිස් නිලධාරියකු යටකරමින් යතුරුපැදියක් ධාවනය කර සැඟවී සිටි 23 හැවිරිදි තරුණයකු සමන්තුරේ පොලිසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අනතුර සිදුකර ඇත්තේ පෙරේදා (08) රාත්‍රී කාලයේදී සමන්තුරේ කාර්තිව් හන්දියේදීය.මාර්ග බාධක ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් ආරක්ෂක හිස් ආවරණ නොමැතිව යතුරුපැදියක් පදවමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට සංඥා කළ අවස්ථාවේදී යතුරුපැදිකරු එම නිලධාරියා යටකර පලාගොස් ඇති බව පොලිසිය කියයි.

යතුරුපැදියේ අංකය සටහන් කරගෙන ඒ ඔස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කළේය. 23 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සමන්තුරේ සෙන්නල් ග්‍රාමයේ පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කළේය.

යතුරුපැදියට යටවූ පොලිස් නිලධාරියා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT