Home » බොල්ගොඩ ගඟේ මළ සිරුරක්

බොල්ගොඩ ගඟේ මළ සිරුරක්

by chanaka
October 28, 2023 9:18 am 0 comment

මොරටුව පොලිස් වසමේ, මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ.

ඊයේ (27) උදෑසන එම මළ සිරුර ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් ඇති, කොණ්ඩයට කොටට කපා ඇති, දකුණු අතේ වැලමිට අසලින් ඉවත්වී ඇති අයෙක් බව පොලීසිය සඳහන් කරයි. ඔහු කළු පැහැති කොට කලිසමක් හා දුඹුරු පාට ටීෂර්ට් එකක් හැද සිට ඇත.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැනපත් කර තිබේ.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT