Home » අත්අඩංගුවට ගත් ධානිෂ් අලී රෝහල් ගත කරයි

අත්අඩංගුවට ගත් ධානිෂ් අලී රෝහල් ගත කරයි

by chanaka
October 28, 2023 8:35 am 0 comment

අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළුවේ කිසිවෙකුත් නොමැති බවට පවසමින් ඔහු එය වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුට කිසියම් පිරිසක් පහර දී ඇතැයි වාර්තාවේ.

අද(28) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT