Sunday, May 12, 2024
Home » වැඩ කරන ජනතාවට වැටුප් වැඩි නොකර බදු පැටවීම සුදුසු නැහැ

වැඩ කරන ජනතාවට වැටුප් වැඩි නොකර බදු පැටවීම සුදුසු නැහැ

by mahesh
December 8, 2023 1:00 am 0 comment

වැඩ කරන ජනතාවට වැටුප් වැඩි වීමක් සිදු නොකර බදු බරක් පැටවීම සුදුසු නැති බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.

විදේශීය කටයුතු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ලබන වසරේ ආරම්භයේ සිට එක් පවුලක් රුපියල් 13,500ක බද්දක් මාසිකව රජයට ගෙවිය යුතුයි.

තරුණ තරුණියන්ට ලැබෙන්නේ සොච්චම් පඩියක් නිසා රැකියාවලට එන්නේ නැහැ. නිදහස් වෙළෙඳ කලාපය තුළ ඇඟලුම් කම්හල්හි අද වන විට රැකියා අවස්ථා 50,000ක් පමණ හිස්ව තිබෙනවා. ඒත් තරුණයන් ඒවාට නොපැමිණෙන්නේ ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන නිසා. බෝඩිම් ගාස්තු, ලයිට් බිල්, වතුර බිල්වලට ගෙවූ විට අතේ මුදලක් ඉතිරි වන්නේ නැහැ. ජනවාරි 01 වැනිදා සිට සියයට 18ක වැට් බද්ද ගෙවන්න වෙනවා. රුපියල් 13,500ක බදු බරක් එක පවුලකට ලබන වසරේදී වැඩි වෙනවා. වැටුප් වැඩි වීමක් නොමැතිව බදු ගෙවන්නේ කෙසේද? ඒක ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද? ජනතාවට පීඩාවට පත් කිරීමක් පමණක් ආණ්ඩුව කරනවා.

හෝටල් ක්ෂේත්‍රය තුළ විශාල ගැටලු ගණනාවක් තිබෙනවා. ඔවුන්ට ලැබෙන සර්විස් චාජ් එක වැටුපට එකතු වන්නේ නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT