Home » නව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්

නව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්

by Gayan Abeykoon
February 27, 2024 1:28 am 0 comment

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා නව පොලි­ස්ප­ති­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යව­ස්ථා­වන්හි විධි­වි­ධාන ප්‍රකා­රව,  ජනා­ධි­ප­ති­ව­රයා වෙත පැවරී ඇති බල­තල අනුව මෙම පත්කි­රීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහතා විසින්  ජනා­ධි­පති කාර්යා­ලයේ  දී ඊයේ (26) පස්ව­රුවේ දේශ­බන්දු තෙන්න­කෝන් මහතා වෙත පිළි­ගැ­න්වීය.

1971 වර්ෂයේ උපත ලද දේශ­බන්දු තෙන්න­කෝන් මහතා කොළඹ නාලන්ද විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය හදාරා 1998.02.23 වන දින ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු ලෙස පොලිස් සේව­යට එක්ව 2006 වර්ෂ­යේදි පොලිස් අධි­කාරි තන­තු­ර­ටද,  2011 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තන­තු­ර­ටද,  2015 වර්ෂ­යේදී නියෝජ්‍ය පොලි­ස්පති තන­තු­රට ද උස­ස්වීම් ලබා ඇත. අන­තු­රුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති තන­තු­රට පත්වී 2020.01.01 දිනට එම තන­තුරේ ස්ථිර පත්වීම් ලබන අතර,  2019.12.05 දින සිට වසර 04කට ආසන්න කාල­යක් බස්නා­හිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර තිබේ.  2023.11.29 වන දින සිට පොලි­ස්ප­ති­ව­රයා ලෙස පත්වන තුරු වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ලෙස ඒ මහතා රාජ­කාරි සිදු කළේය.

වසර 26ක සේවා කාලය තුළ දකුණු පළාතේ ගාල්ල,  මාතර උතුරු පළාතේ වව්නි­යාව,  නැ‍ඟෙන­හිර පළාතේ කන්තලේ,  බස්නා­හිර පළාතේ ගම්පහ,  නුගේ­ගොඩ සහ කැල­ණිය යන ප්‍රදේ­ශ­යන්හි රාජ­කාරි කර­මින් ක්‍ෂේත්‍ර රාජ­කා­රින් පිළි­බද මනා අව­බෝ­ධ­යක් මෙන්ම විවිධ අභි­යෝ­ග­යන්ට මුහුණ දෙමින් රාජ­කා­රි­මය වශ­යෙන් මනා අත්දැ­කීම් ලබා ඇති ඒ මහතා කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ශාස්ත්‍ර­වේදී උපා­ධිය සහ කැලණි විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රාස්ත්‍ර­පති උපා­ධිය හදාරා ඇති අතර, 2006 වර්ෂ­යේදී එක්සත් ජන­ප­දයේ ලුසි­යානා පොලිස් ඇක­ඩ­මිය මඟින් පව­ත්වන ලද පශ්චාත් පිපි­රුම් විම­ර්ශන පුහුණු පාඨ­මා­ලාව, 2008 වර්ෂ­යේදී දකුණු කොරි­යානු පොලිස් පරි­පා­ලන පුහුණු පාඨ­මා­ලාව,  2016 වර්ෂයේ දී චීනයේ යුනාන් පොලිස් ඇක­ඩ­මි­යේදී පව­ත්වන ලද ආසි­යානු මත්ද්‍රව්‍ය පිළි­බඳ නීතිය ක්‍රියා­ත්මක කිරීමේ පුහුණු පාඨ­මා­ලාව,  2019 වර්ෂ­යේදී නැ‍ඟෙන­හිර ටිමෝ­ර­යේදී පව­ත්වන ලද ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පුහුණු පාඨ­මා­ලාව ආදී තවත් පාඨ­මාලා රැසක් හදාරා ඇත.

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා 2011 වර්ෂයේ රුසි­යාවේ ශාන්ත පීට­ර්ස්බ­ර්ග්හිදී පැවැති විශේෂ සේවා සහ නීතිය ක්‍රියා­ත්මක කරන සංවි­ධා­න­වල ප්‍රධා­නීන්ගේ සමු­ළුව,  2019 වර්ෂ­යේ­දීම තායි­ල­න්තයේ බැංකො­ක්හිදී පව­ත්වන ලද මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා වන ආසියා සහ පැසි­ෆික් කලා­පයේ ප්‍රධා­නීන්ගේ සමු­ළුව ආදී සමුළු සඳහා ද,  2013 වර්ෂ­යේදි ඉන්දි­යාවේ නව දිල්ලි නුවර දී පැවත්වූ මිනිස් ජාවා­රම් විරෝධී ඒක­ක­වල අත්දැ­කීම් හුව­මාරු කර­ගැ­නීම සඳහා වන SAARC රාජ්‍ය සාමා­ජික රට­වල් සඳහා වූ වැඩ­මු­ළුව ඇතුළු තවත් දෙස් විදෙස් වැඩ­මුළු රැස­කට සහ­භාගී වී තිබේ.

ශිරෝමි අබ­ය­සිංහ, රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT