Monday, May 13, 2024
Home » International Indus try Expo 2024: ප්‍රදර්ශනයට අනුග්‍රාහක චෙක්පත පිරිනමයි

International Indus try Expo 2024: ප්‍රදර්ශනයට අනුග්‍රාහක චෙක්පත පිරිනමයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යෑමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව පළමු වරට සංවිධාන කරන ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ International Industry Expo 2024 මහා ප්‍රදර්ශනය සඳහා වන අනුග්‍රාහක චෙක්පත පිරිනැමීමේ උලෙළ පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. ජුනි මස 19 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ ප්‍රදර්ශනය පැවැත්වේ.

මේ මහා ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස පවර් හෑන්ඩ් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වූ අනුග්‍රාහක චෙක්පත එම සමාගමේ සභාපති ආචාර්ය ජීවන්ත ප්‍රභාත් කුලසිංහ මහතා විසින් සංකේතාත්මකව කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට හා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාට පිරිනැමූ අයුරුයි මේ. 4555

(වමේ සිට දකුණට: පවර් හෑන්ඩ් ඔටෝ මොබයිල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දෙනුවන් පෙරේරා, පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන් සමාගමේ පර්යේෂණ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න, පවර් හෑන්ඩ් හෝල්ඩිංග්ස් සමාගමේ කාර්මික අධ්‍යක්ෂ සෙහාන් කුලසිංහ හා පව‍ර් හෑන්ඩ් එනජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉම්පාස් ආබ්දීන් මහත්වරු මෙහි සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT