Saturday, April 27, 2024
Home » 2022 වසරේදී ලෝක ජනතාව ආහාර වේල් බිලියනයක් දෛනිකව ඉවත දමලා

2022 වසරේදී ලෝක ජනතාව ආහාර වේල් බිලියනයක් දෛනිකව ඉවත දමලා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් කියයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

වසර 2022 දී ලොව පුරා නිවැසියන් දෛනිකව ආහාර වේල් බිලියනයක් ඉවත දමා ඇතැයි ගෝලීය ආහාර නාස්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා නිකුත් කර ඇති එම වාර්තාවට අනුව 2022 වසරේදී නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලින් ඉවත දැමූ ආහාර ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවන බව ද වාර්තා වේ. ගෝලීය වශයෙන් මිලියන 780ක ජනතාව ආහාර හිඟයෙන් පීඩාවට පත්ව සිටින කාලයකදී වන අතර, එම වාර්තාවෙන් පෙන්නුම් කෙරෙන්නේ වසර 2030 වන විට ආහාර නාස්තිය පිටුදැකීමට උත්සාහ දරන රටවල් රැසක ප්‍රගතිය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ආහාර නාස්තිය විශාල ඛේදවාචකයක් බවත්, මිලියන ගණනාවක ජනතාව කුසගින්නේ පසුවෙද්දී ලොව පුරා මහපරිමාණයෙන් ආහාර නාස්තිය සිදු කිරිම කනගාටුදායක බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂිකා ඉන්ජර් ඇන්ඩර්සන් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT